දැන් කවුරැ හරි අහනවානම් high level domain කියන්නේ මොකක්ද කියලා..ඒ කියන්නේ ඔය සබ් ඩොමේන් වගේ url එකට ඩොට් දෙකක් එන්නේ නැති .com .net .lk .tk වගේ ඩොමේන් තමා high level domain කියන්නේ..
ඉතින් මට නම් මීට කලින් අඩුවටම හම්බ වෙලා තිබ්බ high level domainඑක තමා .info ඩොමේන් එක.$0.99. iplusblog යාලුවා තමා හොයලා දුන්නේ.
ඔන්න ඉතින් ඔහොම ඉද්දී මට high level domain එකක් ෆ්‍රී හම්බ උනා කියන්නේ..
.tk තමා ඩොමේන් එක..
මේ ඩොමේන් එක අයිති වෙන්නේ Tokelau, a territory of New Zealand located in the South Pacific වලට..ඒ උනාට ලෝකේ ඕනම තැනක ඉන්න කෙනෙකුට නොමිලේම ගන්න පුලුවන්...
දැන් හැබැයි මෙහෙම දේකුත් තියනවා ඔන්න..දැන් ඔය ඩොමේන් එක දෙන්නේ මාස 12කට විතරනේ..ඊට පස්සේ ආයේ අලුතින් ගන්ඩ වෙනවානේ...ඉතින් පස්සේ නිකන් දෙන එක නවත්තයිද කියලානම් දන්නෑ...කොහොම උනත් නිකන් දෙන එකේ ඇද හොය හොය ඉන්න එක සිංහලයාගේ ගතියනේ...:-)
හරි හරි දැන් ඒවාගෙන් වැඩක් නෑ...මාස 12කට හරි..සදහටම හරි..නිකන් දෙන වෙලාවේ ගමුකෝ බලන්ඩ..ආයේ අපිට මොන පාඩුවක් වෙනවා කියලද...ඔන්න එහෙනම් ගේමට බහිමුකෝ...
- මුලින්ම මේකට යන්නකෝ
- දැන් ඉතින් ඉතුරු ටික නොදන්න කෙනෙක් ඉන්ඩ බෑනේ... තමන්ට අවශ්‍ය ඩොමේන් එක search කරලා register වෙන්නකෝ...
- අන්තිමට ඔයාගේ විස්තර ගන්න google,facebook වගේ account එකක විස්තර ටිකක් ඉල්ලයි..බයවෙන්ඩ එපා..පාස්වර්ඩ් මොකුත් ඉල්ලන්නේ නෑ..ඒත් අවිස්වාසනම් ඉතින් පටා...ර් ගාලා අලුත් google හරි fb හරි මොකක් හරි account එකක් හදලා පට ගාලා ඒකේ විස්තර ටික දුන්නම වැඩේ ගොඩම ගොඩ..
ඔන්න ඉතින් වැඩේ හරි කියන්නේ..නොමිලේ දෙන .tk ගන්නේ නැතුව රුපියල් 5000,6000ක් දීලා .lk .com .net වගේ ඩොමේන් ගන්ඩ ඕනේ කියලා හිතන කවුරු හරි ඉන්නවානම් හේතුව මට කියන්ඩකෝ බලන්න..
අපේ කොල්ලෝ ගොඩක් ආස සබ්ජක්ට් එකක් තමා hacking...ලගදිම මුල ඉදන්ම තේරෙන සිංහලෙන් hacking ගැන full article collection එකක් එලි දක්වනවා..දැන් ගොඩක් කතා බහට ලක් වෙන DNS Changer Trojan එක හදලා ඒකෙන් අපිට ඕන විදිහට වැඩ ගන්න විදිහත් ඒ ලිපි පෙලෙන් බලාපොරොත්තු වෙන්නකෝ..
එහෙනන් නැවත හමුවෙන තුරු KEEP IN TOUCH WITH ME
No comments:
Post a Comment
හිතෙන දේ ලියලා යන්න