මුලින්ම අපි බලමුකෝ මං මේ කියන්ඩ හදන web sites මොනවද කියලා...
elance
odesk
fiverr
gigbucks
@tenbucks
iwriter
එතකොට පොඩි පොඩි වැඩ කරලා පොඩි ගානක් හොයා ගන්ඩ පුලුවන් site
microworkers
shorttask
මුලින්ම ඔය කිව්ව ලොකු ලොකු සයිට් ගැන කතා කරොත්
elance
odesk
කියන්නේ කෙලින්ම වෘතීයමය මට්ටමෙන්ම ගේමට බහින්ඩ පුලුවන් සයිට් දෙකක්.පැය ගානට ගෙවන්නේ.ඕන ගාන ඉල්ලන්ඩත් පුලුවන්.වැඩියෙන් හොද elance.මොකද කියනවානම් odesk වල වැඩකට නැති exams ගොඩකට ලියලා කාලේ නාස්ති කර ගත්තාට පස්සේ මට ඒක එපාම උනා.elance වලත් exam තියනවා.ඒත් අරකේ වගේ හැම එකටම උත්තර දෙන්ඩ යන්ඩ ඕනෙත් නෑ.තමන්ට පුලුවන් සබ්ජක්ට් එකට බැහැල ගේම දුන්නම ලොවෙත් ගොඩ..
වැඩිම ඉල්ලුමක් තියෙන්නේ graphic designing වලට තමා...
elance,odesk වලින් හරියට වැඩ කරන විදිහ ඊලග ලිපියෙන් බලාපොරොත්තු වෙන්නකෝ...
එතකොට
fiverr
gigbucks
@tenbucks
ගත්තත් නියම sites.මුලින්ම අකවුන්ට් එකක් හදාගෙන ප්‍රොෆයිල් එක එහෙම කම්ප්ලීට් කරලා ලස්සන gig ටිකක් දාන්න
දකින එකාට ඇඩෙන්ඩ දා ගත්තොත් ගොඩේ ගොඩ.තව එකක් ගොඩක් අය පාවිච්චි කරන්නේ fiverr
gigbucks
@tenbucks
කියන්නේ fiverr එකේම ක්ලෝන්ස් කියලා කවුරැහරි කිව්වොත් ඒකේ ඇති වැරැද්දකුත් නෑ
fiverr,gigbucks,@tenbucks වලින් හරියට වැඩ කරන විදිහ ඊලග ලිපියකින් බලාපොරොත්තු වෙන්නකෝ...
මේ site වල තියන එපා වෙන ගතිය තමා මොකෙක් හරි එකෙක් order එකක් දෙනකන් ඈනුම් ඇර ඇර පලාගෙන ඉන්ඩ වෙන එක.ඒකට තියන හොදම විසදුම තමා order එකක් එනකන් අනිත් sites වල ජොබ් එකක් කරන එක.order එකක් ආව ගමන් ඔයාට email එකක් එයි..
දැන් බලමු iwriter ගැන.
ඔයාට කඩු හරඹ එහෙම පුලුවන්ද?එහෙනන් ඉතින් මං මේ කියන්ඩ හදන්නේ ඔයා පොසත් කියලා.ඒ iwriter ට පින්සිද්ද වෙන්ඩ.iwriter කියන්නේ article writers ලගේ site එකක්.
ඔ යාට තියෙන්නේ
- iwriter එකට ගියා.
- එකවුන්ට් එකක් හැදුවා.
- article ලිස්ට් එකට ගියා.
- කඩු article එකක් තෝර ගත්ත.
- දෙන වෙලාව ඇතුලේ article එක ලිව්වා.(බය වෙන්ඩ එපා අඩුම තරමේ පැය 2ක් වත් හම්බ වෙනවා)
- සබ්මිට් කරා.
දැන් ඉතින් ඔයාගේ article එක හොදනම් approve වෙනවා.ඒ කියන්නේ ඔයා ගොඩ කියන එක.හැබැයි මචෝ කඩ්ඩනම් super වෙන්ඩ ඕනේ....
iwriter ගැනනම් වෙන ලියන්ඩ මොකුත් ඇත්තෙත් නෑ...ආ...තව දෙයක් article ලියද්දි හොර බොරු වංචා එපා...3 පාරක් මාට්ටු උනොත් අකවුන්ට් එක ඉවරයි..google & goarticles වලින් කරැණු ගත්තට වරදක් එහෙම නෑ...
අයෙනම් ඉතින් iwriter ගැන ලියන්ඩ දෙකුත් නෑ..අහන්ඩ දෙයක් තියනවානම් ලැජ්ජා වෙන්නේ නැතුව අහන්ඩකෝ...
දැන් කෙනෙක් කියනවානම් මට ඕවගේ වැඩ කරන්ඩ බෑ..දැනුමකුත් නෑ වෙලාවත් නෑ කියලා...එහෙනන් මෙන්න මේක එයාලට...
microworkers
shorttask
මේවගේ වැඩ බොහොම පහසුයි.ගානත් ටිකක් අඩුයි.ඒත් දවසකට $1 විතරනම් අවුලක් නෑ..
- මුලින්ම signup වෙලා login උනා..
- ඊලගට පොඩි වැඩක් අල්ලගෙන කරලා දැම්මා..උපරිම විනාඩි 5,6ක් විතර යයි.
- ඊලග proof එකට ඉලල්ලා තියන දේ දුන්නා ( ඔයා වැඩේ හරියට කරා කියලා ඔප්පු කරන්ඩ තමා මේක ඉල්ලන්නේ. signup වෙන්ඩ වගේ තියන වැඩක user name එක වගේ දෙයක් තමා ඉල්ලන්නේ)
- submit කරා
- ඔයා වැඩෙ හරියට කරා නම් සල්ලි සතියක් ඇතුලත අකවුන්ට් එකට එයි.mimimam pay out එක $9යි.paypal වගේම චෙක් එහෙමත් එවනවා.
වැදගත්
අකවුන්ට් හදද්දී නිතරම පාවිච්චි කරන email account එකක් පාවිච්චි කරන්න (ඔයාට ලැබෙන orders,jobs වගේ දේ ගැන email එකට තමා දන්වන්නේ.email බැලුවේ නැත්තන් jobs,orders මිස් වෙයි)
elance සහ fiverr වලින් වැඩි වාසි ලබා ගන්ඩ පුලුවන්.
microworkers සහ shorttask වලදී නිතරම මුල් පිටුව(homepage) update කරන්න (එතකොට අලුත්ම jobs මගහැරෙන්නේ නැති වෙයි.)
- මම මේකට pictures දාලා නෑ කියලා තරහා වෙන්න එපා.කොහෙද මේ airtel කාරයොන්ට කිසි උවමනාවක් නෑනේ පල්ලේපොල කනුවට 3g දෙන්ඩ...ඉතින් ඉමේජ් අප්ලෝඩ් කරන්ඩ ගියාම ටිකක් කරදරයි...බලමුකෝ බලමුකෝ මාතලේටත් දුන්න එකේ මෙහෙටත් 3g දෙයි සමහර විට....:-)
ඔයා google එකේ එහෙම search කරලා කට්ට කාලානම් ඉන්නේ මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වෙයි.මොකද google search result වලින් හම්බ වෙන ගොඩක් සයිට් වල ජොබ් කරන්ඩ කලින් ගානක් ගෙවන්ඩ ඕනේ...සල්ලි දුන්නම මාරැ වෙයිද දන්නෙත් නෑ ඒත් මේ site සල්ලි ගන්නෑ.payout කරද්දීනම් පොඩි ගානක් ගන්නවා..fiverr වල එහෙම නම් order එකක් කරාම $5 වලින් $1 site එක ගන්නවා (@tenbucks හැර අනිත් ඒවානම් හොදටම විස්වාසයි. මොකද @tenbucks වලින් මම payout කරලා නෑ තාම..ඒත් අනිත් ඒවානම් හොදටම sure.කීපසැරයක්ම payout කරලා තියනවා....)
එහෙනම් තව ලිපියකින් නැවත හමුවෙන තුරු KEEP IN TOUCH WITH ME
No comments:
Post a Comment
හිතෙන දේ ලියලා යන්න