WELCOME

දිවිය නගා සිටුවා ගැනීම‍ට පන්නරය දුන් තෝමසුවට පිදෙන උපහාරයයි

Friday, 1 June 2012

සාස්තරේ.....1 කොටස - ඔබ සිතන දේ හරි යයිද?නැද්ද?

අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ තමන්ගේ හිතේ තියන මොකක් හෝ අදහසක් නිශ්චිත ලෙසම හරියනවද නැද්ද කියලා හොයා ගන්න පුලුවන් සාස්තරයක්.

මේක අත්දුටු සාස්තර ක්‍රමයක්.ඒත් ඔයාගේ හිතේ විස්වාසය තියෙන්න ඕනේ.

හරි දැන් මේක කරන විදිහ බලමු

ඔයාලට පේනවා නේද පහලින් තියන රූපේ.තීරු 3ක සහ පේලි 3ක 1 සිට 9 දක්වා ඉලක්කම් ඒකේ සටහන් කරලා තියනවා.

වැදගත්-පිටුව පහලින් පිළිතුරු දක්වා ඇත.ඔබට අදාල ඉලක්කම තෝරා ගැනීමට ප්‍රථම ඒ දෙස බැලීමෙන් වලකින්න.බැලුවොත් ඔබේ සිත මූලික වී ලබා දෙන පිළිතුරක් මිස සැබෑ පිළිතුර නොලැබේ



 දැන් මෙ‍ම රූපය ඔබේ පරිගනකයේ තිරය මැදට ගෙන (රූපය විශාල කිරීමට එය මත ක්ලික් කරන්න) ඔබේ පරිගනක තිරයේ එහි පිහිටීම හොදින් සිතේ තැමිපත් කරගන්න.
 දැන් ඔබේ දෙඇස්  හොදින් වසා ගෙන ඔබේ සිතේ ඇති අදහස හොදින් මෙනෙහි කරන්න.දැන් ක්‍රමක්‍රමයෙන් අන් දිතුවිලි සිතෙන් බැහැර කර සිත සැහැල්ලු කර ගන්න.
  ඔබේ දෑස් විවර කර එක එල්ලේ රූපය දෙස නෙත් යොමන්න.එවිට එකවරම ඔබට කුමක් හෝ අංකයක් කෙරෙහි සිතෙන් විශේෂ බලපෑමක් එල්ල වේවි.ඒ අංකය මත දකුණු අතේ දබරගිල්ල තබන්න (ඔබ කිහිපවරක් සිතා බලා අංකය තේරීම සිදු නොකරන්න.සිතෙන් එකවිට ලැබුනු අංකය භාවිත කරන්න)




 දැන් ඔබ ලැබූ අංකය විස්වාසයෙන් යුතුව පහත පිළිතුරු අතරින් තෝරා බලන්න.











































1- ඔබ විස්වාසයෙන් යුතුව ඇගිල්ල තබා නැත.නැතහොත් දෑස් පියා ගත් වෙලාවේ නොයේක විද සිතුවිලි ඔබේ සිත තුල රැදී තිබී ඇත.

2-ඔබේ සිතේ ඇති අදහස ඉටු නොවේ.මේ පිළිබදව තව දුරටත් කටයුතු කිරීමෙන් ඔබේ පෞර්ෂයට හෝ ඔබේ අනාගතයට හානි විය හැක.

3-ඔබේ මන්දෝත්සාහී බව පෙනේ.ඔබේ අරමුණ කෙරෙහි දැඩිව විස්වාසයෙන් පා නැගුව හොත් ඉතාමත් අමාරුවෙන් වුවද අදහස ඉෂ්ඨ වේ.

4-ඔබේ අදහස සම්පූර්ණයෙන්ම ඉෂ්ඨ වේ.කිසිදු අඩු ලුහුඩුවක් නැත.නමුත් උත්සහය අවශ්‍යය.

5-ඔබේ අදහස ඉතාමත් ඉක්මනින්ම ඉෂ්ඨ වේ.ඔබට හැකි පමන උත්සහ කරන්න.දෙගුනයක් ප්‍රතිපල ලැබී ඉතා ඉක්මනින් ඉෂ්ඪ වේ.

6-ඔබ අදහස් කීපයක් සිතුවා විය හැක.ඒ සියල්ලම සර්වප්‍රකාරයෙන් ඉටු වේ.මදක් කල් ගත විය හැක.

7-ඔබේ අදහස ඉටු වේ.එහෙත් මදක් කල් ගතවේ.විශාල කලක් වුවද ගත විය හැකි වුවත් අනිවාර්යයෙන්ම ඉටු වේ.

8-ඔබේ අදහස කිසි දිනක ඉටු නොවන බවක් පල කරයි.හැකිනම් ඒ අදහස සම්පූර්නයෙන්ම සිතෙන් ඉවත ලා වෙනත් මාර්ගයක ගමනේ යෙදෙන්න.

9-ඔබේ අදහස ඉතා ඉක්මනින් ඉටු වන බවත් ඔබගේ පෙර පිනක් ඒ කෙරෙහි බලපාන බවත් පෙනේ.කරන දේ විස්වාසයෙන් යුතුව නිවැරදිව කරන්න


ඔබේ අදහස පිලිබදව නිවැරදිම පිළිතුර ලැබී ඇත.නමුත් මේ පිලිතුර නිසා මන්දෝත්සාහී නොවන්න.එසේ උවහොත් එය ඔබට ලැබීමට ඇති දේ නැති කර ගැනීමකි.ඔබට 2 හෝ 8 ලැබුනහොත් ඔබේ අරමුනු ඔබෙන් බොහෝ ඈත තිබේ.සිදු විය හැකියාව ඉතාමත් අඩුය.නමුත් උත්සහ කරන්න.බුදු දහමට අනුව වැඩ කරන්න.අසහස ඉටු නොවූවත් ඔබේ ජීවිතයට අත්දැකීම් සම්භාරයක් ලැබෙනු ඇත.


තොරතුරු සේන අම්බලන්ගොඩ මහතාගේ "සකල විශ්වයම එක් කල කේරළයේ අංක විද්‍යාව" කෘතියෙනි

 එහෙනන් ඊලග සාස්තරයෙන් හමුවන තුරු KEEP IN TOUCH WITH ME

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Sorry macho kalin comment eka remove karat.mamat thomian bn,uba hodata liyala tiyenawa.Good Luck!!(Proud to Be a Thomian!!)

    ReplyDelete
    Replies
    1. ok thnx mcho...proud to be a thomain

      Delete

හිතෙන දේ ලියලා යන්න