මේ ලිපියෙන් මම fiverr, gigbucks, tenbux කියනwebsites වලින් පහසුවෙන් විශාල මුදලක් උපයන්නේ කොහොමද කියන එක කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා...
මුලින්ම කියන්න ඕනේ fiverr තමා ගොඩක් අය පාවිච්චි කරන්නේ...ඒත් මෙන්න මේ sites ඔක්කොගේම යාන්ත්‍රනය එකයි
හොදයි දැන් මේ සයිට් ඔක්කෝගේම යාන්ත්‍රනය එකම තමා..ඒත්
fiverr සහ
Gigbucks තමා මම නම් අනුමත කරන්නේ..
හරි එහෙනම් මුලින්ම ගිහින් account එකක් හදා ගන්නකෝ
ගිග් එකක් දැමීම
ගිග් එකකින් කරන්නේ ඔබ ඔබේ දක්ෂතාවය විකුනන එක.මේ සයිට් තමා කඩවල්.පාරිභෝගිකයෝ ඇවිත් ඔයාගේ දක්ෂතාවය මිලට ගන්නවා. ඒ හින්දා දක්ශයෙකුට සෑහෙන්ඩ ගානක් හම්බ කරගන්න පුලුවන්.fiverr සහ gigbucks වල නම් වැඩකට $5 යි ගෙවන්නේ..ඒත් අනිත් ඒවගේ ඊට වැඩියෙන් ගෙවන සයිට් එහෙමත් තියනවා..$5 සිට $200 දක්වාම එක් වැඩකට charge කරන්න පුලුවන් site මම දුන්න ලිස්ට් එකේ තියනවා
මුලින්ම account එකට ලොග් උනාම දකුණු පැත්තේ උඩින් තියනවා seller කියලා ලින්ක් එකක්..ඒකට යන්නකෝ.
ඊලගට එකේ තියනවා create new gig කියලා එකක්..
ඒකට ගියාම මෙහෙම පෙනෙයි
ඒකේ මේ තොරතුරු අහලා තියනවා
මුලින්ම $5 කට ඔබ කරන වැඩේ (රූපයේ අංක 1)
එය අයත් වන subject එක (රූපයේ අංක 2)
ඒක පිළිබදව කෙටි විස්තරයක් (රූපයේ අංක 3)
මිලදී ගන්නාට උපදෙස් (රූපයේ අංක 4)
වැඩය නිම කිරීමට ගතවන කාලය
gig එක සදහා පින්තූර
දැන් මුලින්ම ඔබ කරන වැඩේ සදහන් කරන්න..ඊලගට එතනම පල්ලෙහයින් තියනවා එය අයත් වන subject එක තෝරන්න(graphic designing,writing,advertising etc.)
දැන් එතනින් ඔයාගේ වැඩේට ගැලපෙන subject එක තෝරපුවම ඊලගට තියනවා ඒක පිළිබදව කෙටි විස්තරයක් ලියන්න..ඉතින් ඔයාට තියෙන්නේ දන්න ඉංගිරිසි ඔක්කෝම දාලා ලස්සන හිත් ඇද ගන්න විස්තරයක් ලියන්න...
හරි දැන් ඉතින් ඊලගට තියනවා මිලදී ගන්න කෙනාට දෙන උපදෙස් මොනවාද කියලා අහලා...ඔයාට වැඩේ සම්පූර්ණ කරන්න එයාගෙන් අවශ්‍ය තොරතුරු මොනවාද කියලා එතන සදහන් කරන්න
ඊලගට වැඩය නිම කිරීමට ගතවන කාලය..කාලය අඩු වන තරමට order එනවා වැඩි...මම නම් හැම එකකටම වගේ දින 1ක් තමා දාලා තියෙන්නේ..ඒත් දින 1කින් ඉවර කරන්න බැරි දේකට ඉවර කරනවා කියලා දාන්න එපා...එහෙම උනොත් order එක cancel වෙන්න ඉඩ තියනවා
හරි දැන් gig එක සදහා පින්තූරයක් ඉල්ලනවානේ...ඒකට හොද ලස්සන පිනතූරයක් දාන්න..ඔයාම හදපු එකක් දානවානම් ගොඩක් හොදයි..
ඔයා graphic designing කරනවානම් add more images වලින් තව පින්තූර දෙකක් දාන්න. (එහෙම add more images කියලා option එකක් සමහර ඒවගේ නෑ..ඒවාගේ එක පින්තූරයක් විතරයි) එහෙම දැම්මේ නැත්තන් ඔයාගේ ගිග් එක approve වෙන්නෑ.අනිවාර්යෙන්ම ඔයා හදපු පින්තූර දාන්න..
ඔයා fiverr වල නම් වැඩ කරන්නේ දැන් submit කරන්න.ඊලගට ඔයාව අලුත් පේජ් එකකට යයි..එකේ තියනවා ගිග් එකට වීඩියෝ එකක් දාන්න..පුලුවන් කමක් තියනවානම් camtasia studio වගේ එකකින් ඔයා වැඩ කරන කොට screen එක record කරලා වීඩියෝ එකක් දාන්න..නැති උනත් වැඩිය අවුලක් නෑ..ඒත් සුද්දෝ වැඩිය කැමති වීඩියෝ එක බලලා වැඩේ බාර දෙන්න
ඔයා fiverr නැතුව වෙන එකක වැඩ කරනවාවම් ගිග් එක හදන තැනම gig එක සදහා පින්තූරයක් දාන තැනට යටින් තියනවා වීඩියෝ එකක් දාන්නත්..එතනින් දාන්න පුලුවන්..
දැන් ඉතින් හොදට මොලේ කල්පනා කරලා තමන්ට කරන්න පුලුවන් දේ ගැනත් හිතලා තව හොද හොද ගිග් ටිකක් දාන්න...
featured gig
featured gig කියන්නේ ඔයා වැඩ කරන සයිට් එකේ මුල් පිටුවේ(HOMEPAGE) පෙන්නන ගිග් වලට.
fiverr නැතුව අනිත් ඒවාගේ $10 ක් දීලා featured gig එකක් කර ගන්න පුලුවන්..ගිග් එක හදද්දිම ඒක අහනවා.ඒ කියන්නේ featured gig එකක් කර ගත්තොත් දවස් 90 ක් යන කන් එයාලගේ හෝම් පේජ් එකේ ඔයාගේ ගිග් එක පෙන්නනවා.. එහෙම කරපුවාම හොදද නැත්තන් සල්ලි නාස්තියක්ද කියන්නනම් මම දන්නෑ මොකද මමනම් තාම එහෙම කරලා නෑ..
fiverr වලනම් සල්ලි වලට නෙමේ featured gig තෝරන්නේ..එයාලම හොද ඒවා තෝරලා featured gig කරනවා නොමිලේම..ඒකට ඉතින් දක්ෂතාවය වගේම වාසනාවත් තියෙන්න ඕනේ
හරි දැන් ඉතින් ඉස්සරලා කිව්වා වගේ ඔන්න ඔයාගේ දක්ශතාවය විකුනන්න කඩේකට දැම්මා.දැන් කවුරු හරි ඇවිත් ඒක මිලදී ගන්නකම් බලාගෙන ඉන්න තමා තියෙන්නේ..බයවෙන්න එපා තියන වැඩ ඔක්කෝම නතර කරලා ඕක දිහා බලාගෙන ඉන්න ඕනේ නෑ..ඔයාව order කරොත් e mail මගින් දන්වනවා..ඒ නිසා පොඩ්ඩක්
e mail ගැන විමසිල්ලෙන් හිටියම ඒ හොදටම ඇති
හරි එහෙනම් දැන් කට්ටියම ලස්සන ලස්සන ගිග් දාන්ඩ පටන් ගන්නකෝ....ඊලග ලිපියෙන් බලමුකෝ අපිට ආව order එකක් සාර්ථකව ඉවර කරන්නේ කොහොමද කියලා....
එතකන් KEEP IN TOUCH WITH ME