අද මම කියන්න යන්නේ ගොඩක් වැදගත් වෙයි කියලා හිතන විදිහෙ වැඩ කෑල්ලක් ගැන...ඔයාගේ පරිගනකයේ තියන ඕනම ආකාරයක ගොනුවක් (mp3, video ,picture ,office document ආදී මෙකී නොකී ඕනම වර්ගෙක එකක්) පින්තූරයක් ඇතුලේ හංගන්නේ කොහොමද කියලා....
මේ වැඩේට මොනම මෘදුකාංගයක් වත් ඕන නෑ...ඒත් WinRAR තියනවානම් ගොඩක් ලේසි....
මුලින්ම මං ලග තියනවා පින්තූරයකුයි වීඩියෝ එකකුයි...මට ඕනේ ඒ පින්තූරය ඇතුලේ වීඩියෝ එක හංගන්න...
දැන් මම ඒ පින්තූරය input.jpg ලෙසත් වීඩියෝව input.flv ලෙසත් නම් කරනවා (ඔයාලට කැමති නම් දෙකක් දා ගත්තට කිසිම අවුලක් නෑ.මම input ලෙස නම් කරේ කියලා දීමේ පහසුව සදහා)
හරි දැන් මම input.flv වීඩියෝව WinRAR archive එකකට add කර ගන්නවා...දැන් එතකොට මට ලැබෙනවා input.rar කියලා archive එකක්...ඒ archive එක ඇතුලේ තමා අපේ වීඩියෝව තියෙන්නේ...
දැන් මම input.jpg සහ input.flv යන ගොනු දෙකම එකම ෆෝඩරයක් ඇතුලට කොපි කරනවා....
දැන් C:\Windows\System32 වලට යනවා....එහි තියනවා cmd.exe කියලා executable ෆයිල් එකක්.අන්න ඒ ෆයිල් එකත් අර input.jpg සහ input.rar යන ගොනු දෙක දැම්ම ෆෝඩරයටම කොපි කරනවා...
දැන් ඒ ෆෝඩරය තුල ෆයිල් 3ක් තියෙන්න ඕනේ....ඒ තමා
- input.jpg
- input.rar
- cmd.exe
දැන් අපි වීඩියෝව හංගපුවම ලැබෙන පිංතූරෙට නමක් දෙන්නත් ඕනෙනේ...මම ඒ පිංතූරේ output.jpg ලෙස නම් කරනවා.
දැන් cmd.exe ගොනුව විවෘත කරන්න...එවිට කලු පැහැ තිරයකින් යුතු cmd shell එක විවෘත වෙනවා
ඒකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න
Copy /b input.jpg + input.rar output.jpg
ඒ කරලා enter බොත්තම ඔබන්න.....(මම කරලා තියන විදිහට සෑම ගොනුවක් එක්කම එකේ type එකත් අනිවා සදහන් කල යුතුයි)
ඔන්න දැන් වැඩේ හරි...දැන් ඔයාලට පේනවා ඇති අර ෆයිල් 3ට අමතරව output.jpg කියලා පින්තූරෙකුත් එතන්ඩ ඇවිත් තියනවා
අපි input.jpg ලෙස නම් කරපු පින්තූරෙත් දැන් අපිට output.jpg ලෙස ලැබුන පින්තූරෙත් කිසිම රූපමය වෙනසක් නැති බව ඔයාලට පේනවා ඇති...ඒත් එම පින්තූර ගොනු දෙකේ විශාලත්වය වෙනස් වෙලා ඇති...ඒ කියන්නේ input.jpg එකේ size එකෙයි input.rar එකේ size එකෙයි එකතුවේ අගයට හරියටම සමාන ගානක් output.jpg ගොනුවේ විශාලත්වයට ලැබී ඇති බව ඔයාලට දැක ගන්න පුලුවන්...
දැන් කොහොමද අපි හංගපු input.rar එක නැවත ලබා ගන්නේ???????????
මෙහෙමයි output.jpg එක උඩ Right Click කරා Open With ක්ලික් කරා...WinRAR archive එකත් එක්ක open වෙන්න දුන්නා....ඔන්න දැන් අර ඔයා හංගපු වීඩියෝ එක සහිත archive එක open වෙයි....